කොරෝනාවේ තිඹිරිගෙය වූ චීනයේ ආර්ථික වර්ධනය ඉහළට

Monday, 19 October 2020 - 13:55

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B9%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොරෝනා වසංගතයෙන් ලොව රටවල් රැසක ආර්ථිකයට බලපෑම් එල්ලවද්දි වසංගතයේ තිඹිරිගෙය වූ චීනයේ ආර්ථිකය ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුල චීනයේ දළ දේශීය නිෂ්පාදනය සියයට 4යි දශම 9කින් වර්ධනය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වසරේ පළමු මාස 9 තුළ එරට ආර්ථිකය සියයට දශම 7කින් වර්ධනය වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ වසර අවසන් වනවිට චීනයේ ආර්ථිකය සියයට 1යි දශම 9කින් පමණ වර්ධනය විය හැකි බවයි.

මේ අතර මේ වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන් හාර කෝටි දෙලක්ෂ 81,080 ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ එකොළොස් ලක්ෂ 18,326ක් ලෙසයි.

එමෙන්ම තුන් කෝටි එක් ලක්ෂ 16,228 දෙනෙකු වෛරසය ආසාදනය වී සුවය ලබා තිබෙනවා.