බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර තවත් ඉහළට

Monday, 19 October 2020 - 19:06

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ තවත් ආසාදිතයින් 40දෙනෙකු අද (19) සොයාගෙන තිබෙනවා.

ඉන් 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් සොයාගෙන ඇති අතර සෙසු 21දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 2162 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5585ක් දක්වා ඉහළ යන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2132ක්.

එමෙන්ම ආසාදිතයින් 37 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 3440 දක්වා ඉහළ ගියා.