කොළඹ නැව් තටාකාංගණයේ තවත් 6කටත් කොරෝනා (වීඩියෝ)

Monday, 19 October 2020 - 19:54

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+6%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

කොළඹ නැව් තටාකාංගනයේ තවත් සේවකයන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණවලින් අද (19) තහවුරු වූ බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනූකා ගුරුගේ සඳහන් කළේ.

මොවුන් බ්ලූමැන්ඩල් පොලිස් වසමේ මෝදර - අලුත් මාවතේ පිහිටි කොළඹ නැව් තටාකාංගනයට අයත් නිල නිවසක නිරෝධායනයට ලක්වෙමින් සිටියදීයි මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ.

නැව් තටාකාංගන සමාගමේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා රෝගය වැලදී ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණයට යොමු කරනු ලැබුවේ.

මෙම තත්ත්වයත් සමඟ කොළඹ නැව් තටාකාංගන සමාගමේ ආයතන කලමණාකාරීත්වයේ විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ පවත්වා තිබෙනවා.

මේ අතර, ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ සඳහන් කළේ කොළඹ නැව් තටාකාංගනයට සහ වරාය පරිශ්‍රයට සේවකයන් ඇතුළු වන්නේ එකම ස්ථානයකින් වන බැවින් වරාය සේවකයන්ට ද වෛරසය ආසාදනය වීමේ අවධානමක් මතුව ඇති බවයි.

කෙසේ වෙතත්, අද මාධ්‍ය හමුවක් පවත්වමින් වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේ මේ දක්වා කිසිදු වරාය සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories