පිටකොටුවේ තොග වෙළඳසැලක හිමිකරු ඇතුළු 4කට කොරෝනා - මැනිං වෙළඳපොළේ ආපනශාලාවකිනුත් රෝගියෙක් (වීඩියෝ)

Monday, 19 October 2020 - 19:58

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%86%E0%B6%B4%E0%B6%B1%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පිටකොටුව හතරවන හරස් වීදියේ වියළි ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැලක හිමිකරු ඇතුළු එහි සේවකයන් 04 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (19) තහවුරු වුණා.

අදාළ වෙළඳසැලේ හිමිකරුට පසුගිය දිනෙක ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේ සිදුකළ PCR පරීක්ෂණයකදීයි ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුුනා ගැණුනේ.

ඉන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයන්ට කොළඹ මහ නගර සභාව මඟින් සිදුකළ PCR පරීක්ෂණවලදී එම වෙළඳසැලේ තවත් සේවකයන් තුන් දෙනෙකුට රෝගය වැලදී ඇති බවට හෙලි වුණා.

මෙම සිද්ධියත් සමඟ වෙළඳසැලේ සේවය කළ තවත් සේවකයන් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම, කොළඹ මැනිං පොදු වෙළඳපොලේ ආපනශාලාවේ හිමිකරු ද කොරෝනා ආසාදිතයෙකු ලෙස අද හඳුනා ගැණුනා.

මෙම සිද්ධියත් සමඟ එම ආපනශාලාව අවට වෙළඳසැල් 04ක් වසා දැමීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පියවර ගනු ලැබුවේ.

ඊට අමතරව මෙම කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන් 40 දෙනෙකු පමණ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර හෙට දිනයේ එහි ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

පසුගිය 03 සහ 04 යන දිනවල දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසුව ඔහු විසින් මීගමුව ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන යාම නිසා එම ප්‍රදේශයේ සියලු වෙළඳසැල් වසා දැමීමට මීගමුව මහ නගර සභාව අද පියවර ගත්තා.

අනතුරුව අදාළ මංගල උත්සවයට සහභාගි වූවන්ගේ සහ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ද සිදුකළ බවයි මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ සඳහන් කළේ.