20 හෙට විවාදයට ගැනේ

Tuesday, 20 October 2020 - 8:19

20+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට හෙට (21) තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු රැස්වීම කල් දමන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මීටරයක දුර පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්ය කරමින් පසුගිය දා ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණු අතර, එය කඩ කරන පුද්ගලයින්ට සිර දඬුවම් හෝ දඩ මුදල් ගෙවීමට සිදුවනවා.

එම ගැසට් පත්‍රය පිළිබදව අදහස් දක්වමින් විපක්ෂය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ මීටරයක දුර පවත්වාගෙන යමින් මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සිදුකළ නොහැකි බවටයි.

මේ පිළිබදව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ද විරෝධය පළ කර සිටියා.

නීති සම්පාදනය කරන ස්ථානයම, නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද යනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල එම ලිපිය මගින් ප්‍රශ්න කර සිටිනවා.

ඒ හේතුවෙන් මෙම සතියේ පැවැත්වීමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දමන ලෙසටයි ඔහු ඉල්ලා ඇත්තේ.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කොරෝනා අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්වීම අත්හිටුවන ලෙසටයි.

පාර්ලිමේන්තුව කැඳවීම කල් දමන ලෙසට විපක්ෂය දිගින් දිගටම සිදුකරන ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ඒ හරහා විපක්ෂයේ දේශපාලන බංකොළොත් භාවය මැනවින් පිළිබිඹු කරන බවයි.

මේ අතර, අප ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයාගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තීන්දු ගැනීමට බලය ඇත්තේ කථානායකවරයාට බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories