20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට - ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව දන්වයි (වීඩියෝ)

Tuesday, 20 October 2020 - 10:07

20+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පවතින ආකාරයෙන්ම සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දෙමින්.

කතානායකවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අදහස් දැක්වීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඉන් අනතුරුවයි කතානායකවරයා 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ.

පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පිටපත් ලබාදෙන ලෙසට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories