කොවිඩ් පාලනයට බොහෝ රටවල් නිරෝධායන නීති රීති දැඩි කරයි

Tuesday, 20 October 2020 - 10:58

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලොව පුරා මේ වන විට මිලියන 40කට අධික පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමට හේතුව, නිරෝධානයන නීති නිසි පරිදි අනුගමනය නොකිරීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

යුරෝපයේ කොරෝනා මරණ දෙලක්ෂ 50,000 ඉක්මවා ගොස් ඇති අතර, දෙවන වරටත් අයර්ලන්තය සහ වේල්සය යන රටවල් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් නිවෙස් තුළටම වී කාලය ගත කරන ලෙස එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ රෝග විනිශ්චය කිරීම කඩිනම් කිරීම සහ හුදෙකලා කිරීම ඉහළ දැමීම මගින් ගත වූ මාස කිහිපය තුළ ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් වෛරස ව්‍යාප්තිය අවම කර ඇති බවයි.