ආජන්ටිනාවෙත් කොරෝනා මිලියනය පනී

Tuesday, 20 October 2020 - 13:37

%E0%B6%86%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්ම වූ ලොව 6 වන රට බවට ආජන්ටිනාව පත්ව තිබෙනවා.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 12,982 නෙකු සොයාගෙන ඇති අතර, මරණ 451ක් ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එරට වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මිය ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 26,716ක්.

මේ වන විට කොරෝනා ආසාදිතයින් මිලියන ඉක්ම වූ අනෙකුත් රටවල් වන්නේ ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව, ස්පාඤ්ඤයයි.

මිලියන 45ක ජනගහනයක් සහිත ආජන්ටිනාව සැලකෙන්නේ කොරෝනා වෛරස ආසාදනය වූවන් මිලියනය ඉක්ම වූ අඩුම ජනගහනය සහිත රට ලෙසයි.