වල් වැදුණු ආදාහනාගාරය (වීඩියෝ)

Tuesday, 20 October 2020 - 14:05

%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

එප්පාවල නගරයට නුදුරින් පිහිටි, කටියා මංසන්ධිය ආසන්නයේ ඉදි කර ඇති ආදාහනාගාරයයි මේ.

තඹුත්තේගම,තලාව, එප්පාවල ඇතුළු ප්‍රදේශ රැසකට පැවති අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමේ අරමුණින් එම ක්‍රියාමාර්ගය ගැණුනා.

නමින් ආදාහනාගරයක් වුවද මෙහි මෘත ශරීරයන් ආදාහනයක් සිදු නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඒ ආදාහනය සදහා ඇති පෝරණුවේ වැඩ කටයුතු අවසන්ව නොමැති වීම හේතුවෙන්.

අදාහනාගාරය වෙනුවෙන් ඉදි කළ ගොඩනැගිල්ලද අද වන විට වල් බිහිවී, අපචාර ක්‍රියාවන්ගේ මූලස්ථානයක් බවට පත්ව ඇති බවට ප්‍රදේවාසීන් පෙන්වා දෙනවා.

රුපියල් ලක්ෂ ගණනක ප්‍රතිපාදන වෙන් කරමින් මහජනතාවගේ සුබ සෙත වෙනුවෙන් ගැණෙන ක්‍රියාමාර්ග අතර මඟ නවතා නොදමන ලෙසට ප්‍රදේශවාසීන් ඉල්ලා බලධාරීන්ගෙන් සිටිනවා.

එප්පාවල ප්‍රදේශවාසීන්ගේ මෙම ඉල්ලීමට බලධාරීන්ගේ නිසි අවධානය යොමුවන තුරු රතු මිනිත්තුව අවධානයෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories