ඇමරිකානු වසංගත රෝග විද්‍යා ආයතනයේ ප්‍රධානියා ජනපති ට්‍රම්ප්ගේ විවේචනයට

Tuesday, 20 October 2020 - 14:24

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් එරට ජාතික වසංගත රෝග විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ, වසංගත රෝග විශේෂඥ ඇන්තනී ෆෝචි දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

ඒ, ජනපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය සමඟ පැවති හමුවකදියි.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමන් වසංගත රෝග විශේෂඥ ඇන්තනී ෆෝචි ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කළේ නම් මේ වන විට ඇමරිකාව තුළ ලක්ෂ 5ක පමණ පිරිසක් මරණයට පත්වීමට ඉඩ තිබූ බවයි.