ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක්

Tuesday, 20 October 2020 - 14:29

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රුසියානු හැකර්වරුන් විසින් ඔලිම්පික් උළෙල ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට බි්‍රතාන්‍ය සහ ඇමරිකාව චෝදනා කරනවා.

ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උලෙල කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලබන වසර දක්වා කල් දැමීමට පෙර මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

රුසියානු යුද හමුදා බුද්ධි අංශ මෙම සයිබර් ප්‍රහාරය සිදුකර ඇති බවට බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු සම්බන්ධ බලධාරීන් අනාවරණ කර ඇති අතර, ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවද රුසියාව මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා.

රුසියාවට මේ වනවිටත් ඔලිම්පික් උළෙලේ ප්‍රධාන තරග සඳහා සහභාගිවීමට තහනමක් පනවා ඇති අතර, එය 2024 වසර දක්වා බල පැවැත්වෙනු ඇති.
 
රුසියානු හැකර්වරුන් මෙම සයිබර් ප්‍රහාරය මගින් ඔලිම්පික් උළෙලේ සංවිධායකවරුන්ගේ සහ රටවල නියෝජිතයන්ගේ සියලුම දත්ත සොරකම් කර ඇති බව සඳහන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories