කොටුව පොලීසියේ නිලධාරියෙකුටත් කොරෝනා - 17 ක් සුවය ලබයි (වීඩියෝ)

Tuesday, 20 October 2020 - 15:44

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+-+17+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොළඹ - කොටුව පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,457 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් 2,215 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.