ජනපති උපදෙසින් මාතලේ ප්‍රදේශ රැසක යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ

Tuesday, 20 October 2020 - 19:41

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ගම සමඟ පිළිසඳර දෙවන වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් උපදෙස්වලට අනුව මාතලේ, විල්ගමුව, හිඹිලියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඔක්තෝම්බර් 2 වනදා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැඹුරුඔය, ලේඬියන්ගල, අලියාවල, වෙහෙරගල සහ හිඹිලියාකඩ ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ජනතාව හමුවෙමින් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ අත්‍යවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසයි.

ඒ අනුව හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට නව පන්ති කාමර ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසයක් ඉදි කිරීම මෙන්ම ක්‍රීඩාපිටිය සැකසීම මේ වනවිටත් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුවෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද, දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි - කියුන් සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. අධ්‍යාපන, සංචාරක හා නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර එහිදී සංවාදයට ලක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories