එංගලන්තයේ කොරෝනා සීමා දැඩි කෙරේ

Wednesday, 21 October 2020 - 7:57

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අද සිට බ්‍රිතාන්‍ය තුළ කොරෝනා සීමාවන් දැඩි කරන බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළා.

ඒ, උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ පවතින කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තියත් සමඟයි.

එරට තුන්වන ප්‍රධාන නගරය වන මැන්චෙස්ටර් නගරයේ සෑම 17 දෙනෙකුගෙන් එක් අයෙකුම කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගන්නා අතර, මේ වනවිට බි්‍රතාන්‍යයේ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හත්ලක්ෂ 62,542 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 43,967 ක් ලෙසයි.

 මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් හාරකෝටි දසලක්ෂ 22,399 ක් වාර්තාවන අතර, මරණ සංඛ්‍යාව දැක්වන්නේ 11 ලක්ෂ 28,897 ක් ලෙසයි. ගතවූ පැය විසි හතරේදී ලොව පුරා කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂ 80,966 ක් වාර්තාවී තිබෙනවා.

තවදුරටත් ඇමරිකාවෙන් ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර, ගතවූ පැය විසි හතරේ පමණක් එරටින් නව ආසාදිතයන් 60,787 ක් වාර්තාවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories