ගම්පහ දිස්ත්‍රික්කය හරහා ගමන් කරන වාහන වලට, පොලීසියෙන් දැනුම් දීමක් (වීඩියෝ)

Wednesday, 21 October 2020 - 16:11

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම පොලිස් ඇඳිරි නීතිය පැනවුවද කොළඹ - නුවර මාර්ගයේ මගී බස් රථ ධාවනය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

කෙසේ වෙතත්, ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේදී මගීන් නංවා ගැනීම සඳහා එම ප්‍රදේශවල බස් රථ නතර කළ නොහැකි බවයි පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එමෙන්ම, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් හට ද තම විභාග අයදුම්පත පෙන්වා විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කළ හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.