මධුෂ්ගේ අවසන් කටයුතු සිදුකෙරේ - බිරිඳකගෙන් නීතිඥ සංගමයට ඉල්ලීමක් (වීඩියෝ)

Wednesday, 21 October 2020 - 20:46

%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මියගිය මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(21) මහරගම - ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

ඒ, ඔහුගේ බිරිඳ, අනියම් බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් පිරිසකගේ සභාගීත්වයෙන්.

මේ අතර, මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස මාකඳුරේ මධුෂ්ගේ අනියම්  බිරිඳ නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත අද ලිපියක් යොමු කර තිබෙනවා. පෙරේදා අලුයම පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මිය යන විට මාකඳුරේ මධුෂ් 41 වන වියේ පසුවුණා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙසයි.  

කෙසේ වෙතත් ඇගේ එකඟතාව මත දේහය අනියම් බිරිඳගේ මහරගම - පමුණුව නිවසේ තැන්පත් කර තිබුණා. අද දහවල් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුවයි දේහය මිහිදන් කිරීම සඳහා සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබුවේ.

අවසන් කටයුතු සිදුකෙරුණු ගොඩිගමුව සුසාන භූමිය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණා.

මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත යවනු ලැබූ ලිපියේ දැක්වෙන්නේ මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මේ වන විට මරණය සිදුවූ ආකාරය පිළිබදව තොරතුරු නිර්මාණය කරමින් ඒ සඳහා නීති උපදෙස් පැතීමට කටයුතු කර ඇති බැවින් ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙස ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, මධුෂ් ඝාතනය වූ මාළිගාවත්ත - ඇපල්වත්ත - ලක්සිත නිවාස සංකීර්ණ පරිශ්‍රය වෙත අද පස්වරුවේ පැමිණි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පරිශ්‍රය පරීක්ෂාවට ලක් කළා.

කෙසේ වෙතත්, එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු සඳහන් කළේ මෙහි ආරක්ෂිත කැමරා බහුතරයක් කලක පටන් අක්‍රයව පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories