රුසියාව නිපදවූ කොරෝනා එන්නත අත්හදා බැලීම ලබන මාසයේදී

Wednesday, 21 October 2020 - 20:54

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
කොරෝනා වෛරසයට එරෙහිව තම රටේ නිෂ්පාදනය කළ එන්නත ආසාදිතයින්ට ලබාදීම ලබන මාසයේ මුල සිට ආරම්භ කරන බව රුසියාව පවසනවා.

එන්නත නිපදවූ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ගින්ස්ට්බර්ග් කියා සිටියේ පළමු අදියරේදි මෙම එන්නත වෛද්‍යවරුන්ට සහ ගුරුවන්ට ලබාදීමට නියමිත බවයි.

පසුගිය අගෝස්තු මාසයේ මෙම එන්නතට රුසියානු ආණ්ඩුවේ අනුමැතිය හිමි වූ අතර එන්නත නම් කර ඇත්තේ ස්පුට්නික් වී ලෙසයි.

1957 වසරේදී සෝවියට් දේශය අභ්‍යවකාශ ගතකළ ලොව ප්‍රථම චන්ද්‍රිකාව සිහිවීම පිණිස එය නම් කර තිබෙනවා.

එන්නතේ සායනික පරීක්ෂණවල අවසන් අදියර සඳහා මේ වනවිට පුද්ගලයන් 40,000ක් පමණ සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු අග්‍රාමාත්‍ය මිකායිල් මිෂුස්ටින් ප්‍රකාශ කළේ කොරෝනා වෛරසයට එරෙහි ලොව ප්‍රථම එන්නත තම රටේ නිෂ්පාදනය කිරීම පිළිබඳ ආඩම්බර වන බවයි.

මේ අතර චීනය මඟින් නිෂ්පාදනය කර ඇති කොවිඞ් එන්නතක් ස්වේඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් 60,000කට අත්හදා බැලීම සඳහා ලබාදී තිබෙනවා.

එම පුද්ගලයින් රවල් 10ක ජාතීන් 125කට අයත් බවයි චීන බලධාරීන් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories