විභාග සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට, ඇඳිරි නීතියෙන් බාධාවක් නැහැ

Thursday, 22 October 2020 - 8:19

%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල විභාගවලට පෙනී සිටින සිසුන්, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක කාර්ය මණ්ඩල සඳහා ගමනාගමන කටයුතුවලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළා.

මේ අතර, ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක කියා සිටියා.  

කොරෝනා ආසාදිතයින් ඉහළ යාමත් සමඟ ඊයේ රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැනුණා.

ලබන සඳුදා උදෑසන 5 දක්වා මෙම පොලිස් ඇදිරි නීතිය බල පැවැත්වෙනු ඇති.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 33ක සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක මෙම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.

මේ අතර මීට සුළු වෙලාවකට පෙර සිට මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.