රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

Thursday, 22 October 2020 - 16:13

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අනිද්දා (24) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර, පවතින තත්ත්වයත් සමඟ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ඇතුළු අනෙකුත් ප්‍රදේශවල පැන නැගී ඇති සේවක ගැටළු පිළිබදව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ආරම්භ වූ මෙම කොරෝනා වෛරස් ව්‍යාප්තිය කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ද පැතිර යාම නිසා කර්මාන්තශාලා 04ක් තාවකාලිකව වසා දමා ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories