පැයකට පමණ පසු හිටපු ජනපති පාස්කු කොමිසමෙන් පිටව යයි

Thursday, 22 October 2020 - 17:30

%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැයකට පමණ පසු පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු කොමිසමට අද (22) පැමිණ සිටියේ 05 වන දිනටයි.

එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා අද සාක්ෂි ලබාදිමක් සිදු නොකළ අතර වැඩිදුර සාක්ෂි විමසීම මේ මස  24 වනදාට කල් ගිය බවයි. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී 20 වන ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන ජන්ද විමසීමේදී ජන්දය ලබා දෙන්නේ දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළා.

කෙසේ වෙතත් ඔහු ඊට පිළිතුරු නොදී කොමිෂන් සභාව තුළට ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories