20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වෙයි (වීඩියෝ)

Thursday, 22 October 2020 - 19:54

20%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවනවර කියවීම සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වුණා.

ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 156ක් හිමි වූ අතර විපක්ෂව හිමිවුණේ ඡන්ද 65ක් පමණයි.

ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරිස් සහ එම්. එස්. තවුෆික් යන විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඡන්ද විමසන අවස්ථාවේදී සභා ගැබේ සිටියේ නැහැ.

පසුගිය දිනවල අදාළ පනත් කෙටුම්පත විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.