ට්‍රම්ප් - බයිඩ්න් අවසන් ගැටුම අද

Friday, 23 October 2020 - 8:37

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+-+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඞ්න් අතර අවසන් විවාදය මේ වන  විට ආරම්භ වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ මෙවරද දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ මෙම විවාදය පැවැත්වෙන බවයි.

ඇමරිකානු ජනාධිපතිවරණ සටනට ඇත්තේ තවත් සති දෙකක කාලයක්. මේ අතර විවාදය පැවැත්වෙන අතරතුර ප්‍රතිවාදි අපේක්ෂකයාට බාධා කිරීම් සිදු කිරීමට නොහැකි වන ලෙස නව තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා.