යුරෝපා කලාපයේ කොවිඩ් 19 දෙවැනි රැල්ල ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

Friday, 23 October 2020 - 13:39

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
යුරෝපා කලාපයේ ව්‍යාප්තවන කොවිඩ් 19 දෙවැනි රැල්ල පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

යුරෝපා කලාපය තුළ මේ වන විට ව්‍යාප්ත වන කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ලේ බලපෑම පළමු රැල්ලේ ඇති වූ තත්ත්වයට වඩා ඉතා දරුණු බවයි සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ.

පසුගිය සති කිහිපයේදී ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් වේගයෙන් ඉහළගොස් ඇති අතර පළමු රැල්ලේදී වාර්තා වූ වෛරස ආසාදිතයින්ගේ ගණනද ඉක්මවාගොස් තිබෙනවා.

ඒ දැඩි සංචරණ සීමා පනවා ඇති පසුබිමකයි.

දිනක් තුළදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන්ද ඊයේ එරටින් වාර්තා වුණා.

ඒ 16,079ක් ලෙසින්.

එරට ලොම්බාඩ් ප්‍රදේශයේ සහ පිට්මෝන් ප්‍රදේශවල ආසාදිතයින්ගේ වැඩි වර්ධනයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෛරසයේ බලපෑම හේතුවෙන් මිලියන 5කට ආසන්න ජනගහනයක් වෙසෙන අයර්ලන්තය නව නීති පද්ධතියට අනුව රට දෙවැනි වරටත් වසා දැමීමට නියෝග කර තිබෙනවා.

ජර්මනියේද පවතින වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එම රටවල්වල දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ඝත වී ඇති බවත් වාර්තා වනවා.

තවමත් වෛරසයේ වැඩිම බලපෑම පවතින්නේ අමෙරිකාවටයි.