කොස්ගම රෝහලෙන් පලා ආ කොරෝනා ආසාදිතයා ගමන් කළ මඟ හෙළිවෙයි (වීඩියෝ)

Friday, 23 October 2020 - 15:32

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%86+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොස්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී පළා ගොස් බොරැල්ල ප්‍රදේශයේ නිවසක සැඟව සිටි කොරෝනා ආසාදිත තරුණයා ගමන් කළ මාර්ගය පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

බොරැල්ල  - සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී  26 හැවිරිදි මෙම තරුණයා අද (23) දහවල් සොයාගත් අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා යළි රෝහල් ගත කෙරුණා.

කෙසේ වෙතත් ඔහු  අද (23) අලුයම කොස්ගම ප්‍රාදේශීය රෝහලෙන් පිටව කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ තිබෙනවා.

අනතුරුව දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ ඇති අතර ඉන් පසුව පා ගමනින් සිය නිවෙස පිහිටි සේදවත්තට පැමිණ ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.