කොස්ගම රෝහලෙන් පැන්න කොරෝනා ආසාදිතයා මහ මඟ සැරි සැරූ හැටි (වීඩියෝ)

Friday, 23 October 2020 - 17:37

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොස්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා බොරැල්ල - සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී අද (23) දහවල් සොයා ගැනුණා.

අද (23) අලුයම් කාලයේ ඔහු කොස්ගම රෝහල වෙත කොළඹ ජාතික රෝහලෙන් මාරුකර ඒවා ඇති අතර අලුයම ඔහු  රෝහලෙන් පැනගොස් තිබෙනවා.

රෝහලෙන් පැනගිය අදාළ ආසාදිතයා අද (23) අලුයම, අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සැරිසරන අයුරු මාර්ගය ආසල තිබූ ආරක්ෂිත කාමරවල සටහන්ව තිබුණා.

26 හැවිරිදි වියේ පසුවන මොහු යළි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.