තවත් කොවිඩ් 19 ආසාදිතයින් 609ක් වාර්තා වෙයි (වීඩියෝ)

Friday, 23 October 2020 - 18:22

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+609%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අද (23) දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 609 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

ඉන් 496 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් හමුවී ඇති අතර, ගාල්ල ධීවර වරායෙන් පස්දෙනෙකු සහ බේරුවල ධීවර වරායෙන් විසි දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවලින් 48 දෙනෙකු සහ ආශ්‍රිතයින් 40 දෙනෙකු අලුතින් ආසාදිතයන් ලෙස තහවුරු වුණා.

අද (23) හමුවූ රෝගීන් 609 දෙනා මෙරට තුළ දිනකදී හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයන් වීම විශේෂත්වයක්.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයන් 6,896 ක් වන අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලැබ සම්පූර්ණයෙන් සුවය ලැබූ 83 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගියා.  

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිත සංඛ්‍යාව 3,238 ක්.