මරදාන, දෙමටගොඩ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය (වීඩියෝ)

Friday, 23 October 2020 - 21:37

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%2C+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වහාම ක්‍රියාත්මක වන පරිදි මරදාන සහ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීිතිය පනවා තිබෙනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ද ලබන සඳුදා උදෑසන පහ වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

මීට අමතරව මීට අමතරව වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට - උතුර, ගුලවිට - දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මාන මේ මොහොතේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.