සුඩානය - ඊශ්‍රායලය සමඟ සබඳතා ඇතිකර ගැනීමට සූදානම්

Saturday, 24 October 2020 - 9:02

%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+-+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඊශ්‍රායලය සමඟ සබඳතා යථා තත්ත්වයට පත්කර ගැනීමට සූදානම් බව සුඩානය ප්‍රකාශ කළා.

එය යුදෙව් රාජ්‍යය සමඟ සබඳතා ඇතිකර ගැනීමට එක්වන අරාබි ලීගයට අයත් නවතම රාජ්‍යයයි.

ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර සාමය ගොඩ නැගීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දරන ප්‍රයත්නයේ නවතම ප්‍රතිඵලයද මෙයයි.

මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය පසුගියදා ඊශ්‍රායලය සමඟ සබඳතා යථා තත්ත්වයට පත්කර ගනු ලැබුවා.

වසර 26 කට පසු ඊශ්‍රායලය පිළිගත් මැද පෙරදිග රාජ්‍යයන් වන්නේ එක්සත් අරාබි එමීරය සහ බහරේනයයි.

1979 වසරේදී ඊජිප්තුවත්, 1994 වසරේදී ජෝර්දානයත් ඊශ්‍රායලය සමඟ සාමයට එළැඹුණා.