මෙරට 15 වන කොරෝනා ආසාදිත මරණය වාර්තාවෙයි (වීඩියෝ)

Saturday, 24 October 2020 - 10:38

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+15+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරට 15 වන කොරෝනා මරණය අද පෙරවරුවේ වාර්තා වුණා.

ඒ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි පුද්ගලයෙකු මියයාමත් සමඟයි.

මෙම පුද්ගලයා හෘද සහ දියවැඩියා රෝගයෙන් පෙලුණු අයෙකු බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය - උණලීය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 7153 දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලැබූ සංඛ්‍යාව 3644 ක්.

ඒ අනුව, ආසාදිතයන් 3495 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.