සිවල් තර්ජනයට ලක්වූ ගම්වාසීන්ගේ ගැටලු හොයන්න ඇමති රෝහිත එම ප්‍රදේශයට (වීඩියෝ)

Saturday, 24 October 2020 - 13:16

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හිවලුන්ගේ තර්ජනයට මුහුණ පා ඇති හොරණ මීවනපලාන ප්‍රදේශවාසීන් පිළිබඳව අප අවස්ථා කිහිපයකදී හිරු ප්‍රවෘත්ති ඔස්සේ පෙන්වා දුන්නා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද එම ප්‍රදේශයේ සංචාරය කළා.

හොරණ - කටුහේනවත්ත - මීවනපලාන ප්‍රදේශයට හිවලුන් ගම්වැදීම් හේතුවෙන් පසුගිය මාස කිහිපයක සිට ගම්වාසීන්ගේ දෛනික ජීවිතයට දැඩි තර්ජන එල්ල වී තිබුණා.

පසුගිය 9 වැනිදා මීමනපලාන ගම්මානයේ අවුරුද්දක් වයසැති දැරියක් හිවලෙකුගේ සපා කෑමට ලක්වූ අතර 16 හැවිරිදි පාසල් සිසුවෙකුද හිවලකුගේ සපා කෑමට ලක්වුයේ සිය නිවසේ සිටියදීයි.

මේ අතර හිවල් තර්ජනයට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ගම්වැදුණු හිවලෙකු ඝාතනය කිරීමටද ගම්වැසියන් කටයුතු කර තිබුණා.