ධීවර වරාය සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද ම නිකුත් කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරියගෙන් උපදෙස්

Saturday, 24 October 2020 - 13:23

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9D%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ධීවර වරාය කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් අද (24) දිනය තුළ නිකුත් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ අද (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති හමුවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

මේ වනවිට බේරුවල සහ ගාල්ල ධීවර වරාය තුල මාළු කිලෝ තුන්ලක්ෂ 50,000 ක් තිබෙන බව ද එම හමුවේදී ධීවර අමාත්‍යාංශ නිලධාරින් සෞඛ්‍ය අමාත්‍යවරියට දන්වා තිබෙනවා.

ඒ අනුව, එම මත්ස්‍ය තොග බෙදා හැරීම සඳහා කඩිනමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙසටයි එම අමාත්‍යාංශ බලධාරින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ.