හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමෙන් පිටව යයි

Saturday, 24 October 2020 - 13:31

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද නැවතත්, පැය තුනක පමණ කාලයක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී ඉන් පිටව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබාදීම සඳහා එම කොමිසම වෙත පැමිණියේ අද 06 වන දිනටයි.

අද (24) පෙරවරු 10 ට පමණ එහි පැමිණි හිටපු ජනාධිපතිවරයා පස්වරු එකට පමණ සාක්ෂි ලබාදී ඉන් පිටව ගිය බව හිරු වාර්තාකරු සඳහන් කළා.

ලබන ඔක්තෝම්බර් 29 වනදා පෙරවරු 10ට යළි කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට එහිදී හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.