ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් හැත්තෑඅට ලක්ෂය ඉක්මවයි

Saturday, 24 October 2020 - 13:38

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%91%E0%B6%85%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් ආසාදිතයන් 53,370 ක් වාර්තා වීමත් සමඟ, ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑඅට ලක්ෂය ඉක්මවුවා.

එමෙන්ම, ඊයේ සිදුවූ මරණ 650 ක් සමඟ එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 117,956 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොරෝනා වෛරස් වසංගතයේ ආරම්භයේ පටන් මේ දක්වා ආසාදිතයින් 7,016,000 කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවයි.

එමෙන්ම, පසුගිය සැප්තැම්බරයේ 90,000 ක් දක්වා ඉහළ ගිය ඉන්දියාවේ, දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.