සජිත් දේශපාලන පලිගැනීම් ගැන සොයන කොමිසමට

Saturday, 24 October 2020 - 14:10

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද (24) පස්වරුවේ පැමිණියා.

ඒ, හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි.

මෙම පැමිණිල්ලට අදාළව  හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ ඇතුළු දූෂණ විරෝධී කමිටු සාමාජිකයන්ට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම නොතීසි නිකුත් කර තිබෙනවා.