ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන්, එරට ආරක්ෂක භට පිරිසක් දිවයිනට

Saturday, 24 October 2020 - 16:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B7%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ඇමරිකානු ආරක්ෂක භටයින්, සත්කාරක නිලධාරීන් එරට සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළින් ඊයේ (23) මෙරටට පැමිණ තිබෙනවා.

ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ආර්.සී.එච් - 1815 දරන ගුවන් යානයෙන් ඔවුන් ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර අද (24) අලුයම ද කටාර් ගුවන් සේවයේ යානයකින් ඇමරිකානුවන් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මස 28 වනදා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 20 වනදා ප්‍රකාශ කළා.

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සබඳතා තර කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

සිය සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා හමුවන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වනදා විදේශ අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට ද එක්වීමට නියමිතයි.

මේ අතර, මෙම සංචාරය සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදීන් අද (24) මහනුවරදී ප්‍රශ්න කර සිටියා.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදුකරන ලෙසයි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දෙරටට වැදගත් සියලු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.