ආසියාව කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවූ දෙවන කලාපය බවට පත්වේ

Saturday, 24 October 2020 - 16:28

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ආසියාව, කොරෝනා වෛරස් ආසාදිතයන් කෝටිය ඉක්මවූ දෙවන කලාපය බවට දැන් පත්වී අවසන්.

ඒ අතුරෙන් වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

ලතින් ඇමරිකාව හැරුණු කොට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ආසියාකරයෙන් කොරෝනා මරණ එක්ලක්ෂ 63,000 ක් ද, වාර්තා වන අතර, එය ලොව පුරා කොරෝනා මරණ වලින් සියයට 14 ක් ලෙස සැලකිය හැකියි.

ලොවපුරා කොරෝනා ආසාදිතයන් අතුරෙන් සියයට 21 ක් සහ මරණ සියයට 12 ක් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

බංග්ලාදේශයේ ආසාදිත සංඛ්‍යාව ද මේ වනවිට හාරලක්ෂය ඉක්මවනවා.

එහෙත්, චීනය, නවසීලන්තය සහ ජපානය කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වී ඇති අතර, එම රටවල ආසාදිත සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන්නේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories