ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා 27 සහ 28 ශ්‍රී ලංකාවේ

Saturday, 24 October 2020 - 18:54

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+27+%E0%B7%83%E0%B7%84+28+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලබන 27 වනදා සහ 28 වනදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඇරයුමක් පරිදි ඔහු දිවයිනට පැමිණෙන බවයි විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සිය සංචාරය අතරතුර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට නායකත්වය සමග මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡාවල නිරත වනු ඇති.

එමෙන්ම, දෙරට අතර විවිධ අංශ ඔස්සේ සබඳතා පිළිබඳව එම සාකච්ඡාවලදී අවධානය යොමු වනු ඇති බව විදේශ අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මෙරට සංචාරයක නිරත වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ඉහළතම නිලධාරියායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories