විස්සට පක්ෂ වූ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගෙන් හකීම් නිදහසට කරුණු විමසයි (වීඩියෝ)

Saturday, 24 October 2020 - 19:11

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් එහි නායක රවුෆ් හකීම් එම නිදහසට කරුණු විමසා තිබෙනවා.

පක්ෂ නායක රවුෆ් හකීම් පනතට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ඊයේ (23) සිය නිවසේදී හමුවූ අතර, ඔවුන් දැරූ ස්ථාවරය සම්බන්ධයෙන් පක්ෂයේ උත්තරීතර සභාවට කරුණු ඉදිරිපත් කරන ලෙසටයි එහිදී පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ උත්තරීතර සභාව කැඳවා එම නිදහසට කරුණු විශ්ලේෂණය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි පක්ෂයේ ලේකම් නිසාම් කරියප්පර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, නාරාහේන්පිට - අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැකීමට පැමිණි විපක්ෂ නායකවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ සමඟ සාකච්ඡා කළා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණියා.

ඒ හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි කොමිසමට කල පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි.

මෙම පැමිණිල්ලට අදාළව  හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ ඇතුළු දූෂණ විරෝධී කමිටු සාමාජිකයන්ට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම නොතීසි නිකුත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories