වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කෙරේ

Saturday, 24 October 2020 - 22:03

%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ල වීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරුතුරු එය ක්‍රියාත්මක බවයි.

මේ අතර, දිවයිනේ පොලිස් වසම් 56 කට බලපැවැත්වෙන පරිදි මේ වනවිට නිරෝධායනය ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

මීට අමතරව වාලච්චේන පොලිස් බල ප්‍රදේශය ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට - උතුර, ගුලවිට - දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ගම්මාන පෙරේදා රාත්‍රියේ සිට හුදකලා කිරීමටයි පියවර ගැනුණේ.

මේ වනවිට ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූවන්ගේ සංඛ්‍යාව 924 දක්වා ඉහළ ගොස් ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 140 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඉන් 165 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ ගතවූ පැය 24 තුළයි. එම කාලය තුළ රථවාහන 30 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඇතුළත් කර ගැනීම තාවකාලිකව නවතා ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් දියවඩන නිලමේවරයා සඳහන් කළේ ඇඳිරි නීතිය පනවා නොමැති සෙසු ප්‍රදේශවල පුද්ගලයින් ද, දළඳා මාලිගාවට පැමිණීමේදී ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බවයි.

එමෙන්ම, දළඳා මාලිගා පරිශ්‍රයට ඇතුළුවීමේදී මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වනවා.