අදත් පළාත් කිහිපයකට වැසි

Sunday, 25 October 2020 - 6:32

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
නැගෙනහිර,ඌව සහ උතුරු මැද පළාත්වලත් යාපනය ,මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය,කුරුණෑගල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව නිකුත් කළ නිවේදනයේ සදහන්.

ගිගුරුම් සහිත වැසිත් සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්න ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.