කිලිනොච්චියේ අනාරක්ෂිත ළිඳකට වැටී 17 හැවිරිදි සිසුවෙකු ජිවිතක්ෂයට

Sunday, 25 October 2020 - 7:08

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+17+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
අනාරක්ෂිත ළිඳකට වැටී මියගිය කිලිනොච්චිය - ධර්මපුර ප්‍රදේශයේ වයස අවුරුදු 17 ක සිසුවෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

කට්ටකාඩුවේ පදිංචි අයෙකු වන මෙම සිසුවා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකුගේ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගි වී ආපසු නොපැමිණීම නිසා දෙමව්පියන් පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.

ඒ අනුව සිදු කරන ලද විමර්ශනයකදී එම ගුරුවරයාගේ නිවසේ ඇති අනාරක්ෂිත ලිඳට මෙම සිසුවා වැටී ඇතැයි හෙළිවූ බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.