සීනි වැඩිකළ හේතුව ඇමති බන්දුල පහදයි

Sunday, 25 October 2020 - 7:33

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලංකා සතොස මගින් සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 85 ක මිලකට ලබා දෙන්නේ රුපියල් 600 වැඩි භාණ්ඩ මිළදී ගතහොත් පමණක් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී අමාත්‍යවරයා කියා සිටියේ නිතීවිරෝධි ලෙස මත්පැන් නිෂ්පාදනය සිදු කරන පුද්ගලයින් විසින් සීනි වැඩි වශයෙන් මිලදී ගැනීම වැළැක්වීමට මෙම පියවර ගත් බවයි.

පසුගියදා ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 200 කටත්, බී ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 100 මිලකට අලෙවි කරන ලෙසට රජය මගින් නියම කළ අතර, පරිප්පු සඳහා වන ආනයනික බද්ද ද ඉවත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඇතැම් සතොස අලෙවිසැල් වලින් නියමිත මිලට වඩා වැඩි මිලට සීනි අලෙවි කරන බවට පාරිභෝගිකයන් හිරු ප්‍රවෘත්ති අංශයට පැවසූ අතර, ඒ අනුව අප කළ විමසීමකදී අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදුකළා.