මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

Sunday, 25 October 2020 - 8:08

%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

ඵෙතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහාසෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) ආරම්භ කෙරුණා.

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහමෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයද ඊට හිමි වනවා.

ඒ අනුව ඊයේ මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැද ආශිර්වාද ලබා ගත්තා.

මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාද ස්පර්ශය සිදුවූ ස්ථානය ලෙස සැලකෙන “චන්ද්‍රකාන්ති පාෂාණය” පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ඊයේ විවෘත කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මිහිඳු ලෙන පිහිටි ස්ථානයට ළංවීමට ඇති මාර්ගයේ ශෛලමය පියගැටපෙලක් ඉදිකිරීමටද නියමිත අතර, එය ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදුකෙරෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories