ට්‍රම්ප් ඡන්දය ප්‍රකාශ කරයි

Sunday, 25 October 2020 - 8:13

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් ඇමරිකාවේ දෛනික ආසාදිත සංඛ්‍යාව 83,000 ඉක්මවා නව වාර්තාවක් පිහිටුවද්දී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයේ සිය ඡන්දය ඊයේ (24) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, මැතිවරණයේදී කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමරිකානුවන්ට හිමිවන අවස්ථාව උපයෝගී කරගනිමින්.

ෆ්ලොරිඩාවේ - පාම් බීච් හි ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ ජනපති ට්‍රම්ප් සිය කළු පැහැති මුව ආවරණය ඉවත් කොට සිනහ මුසුව පවසා ඇත්තේ ට්‍රම්ප් නැමැති තරුණයෙකු වෙනුවෙන් තමා ඡන්දය ප්‍රකාශ කළ බවයි.

එම ඡන්ද මධ්‍යස්ථානය ඔහුගේ ෆ්ලොරිඩාවේ නිකේතන නිවහන ආසන්නයේ පිහිටා ඇති මධ්‍යස්ථානයක්.

ජනපති ට්‍රම්ප් සිය ඡන්දය ප්‍රකාශ කළේ මෙවර ජනපතිවරණයේ කලින් ඡන්දය ප්‍රකාශ කළ ඇමරිකානුවන් මිලියන 55 කට වැඩි සංඛ්‍යාවක් සමඟයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් නොවැම්බර් 03 වැනිදා ඡන්ද දිනයේ, ඡන්දය ප්‍රකාශ කිරීම අවදානම් සහගත වීම ඊට හේතු වී තිබෙනවා.

කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප්ට අවාසිදායක විය හැකි තැපැල් ඡන්ද පිළිබඳව තවදුරටත් අවිශ්වාසයක් ගොඩනැගීමට ඔහු ඊයේ දිනයේදීත් උත්සාහයක නිරත වුණා.

ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළ ට්‍රම්ප් සඳහන් කළේ එය තැපැල් ඡන්දයට වඩා බෙහෙවින් සුරක්ෂිත බවයි.

මෙලෙස සාක්ෂියකින් තොරව තැපැල් ඡන්ද අනාරක්ෂිත බව පැවසීමෙන් ජනපතිවරණයේ ප්‍රතිඵලයටද යම් බලපෑමක් ඇතිකළ හැකි බව විචාරක මතයයි.

විශේෂයෙන් තීරණාත්මක ප්‍රාන්තවල ඡන්ද දිනයේ තැපැල් ඡන්ද ගණන් නොකරන අතර, එහිදී ජනපති ට්‍රම්ප් ජයග්‍රාහකයෙකු විය හැකියි.

ඊට පසුව ගණන් කරන තැපැල් ඡන්ද දූෂිත බවට ඔහු විසින් චෝදනාවක් එල්ල කිරීමටද ඉඩ තිබෙනවා.

එමෙන්ම, ජනපතිවරණයේ ප්‍රතිඵලය අභියෝගයට ලක් කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩි බලය ඔහු සතු වීම ජනපති ට්‍රම්ප්ට වාසිදායක තත්ත්වයක් වනු ඇති.