අල්කයිඩා නායකයෙකු ඇෆ්ගන් විශේෂ හමුදා මෙහෙයුමකින් ජීවිතක්ෂයට

Sunday, 25 October 2020 - 8:40

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඉන්දීය උප මහාද්වීප කලාපයේ අල්කයිඩා මෙහෙයුම්වල නියෝජ්‍ය ප්‍රධානියා ලෙස සැලකෙන අබු මුෂින් අල් මස්රි ඇෆ්ගනිස්ථාන හමුදා විශේෂ බලකායේ මෙහෙයුමකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇෆ්ගන් බුද්ධි සේවා ප්‍රකාශ කළේ ඊජිප්තු ජාතිකයෙකු වන ඔහු ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ඇමරිකාවටද අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවයි.

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ ගාසි ප්‍රදේශයේදී ඔහු කොටුකර ගැනීමට ඇෆ්ගන් හමුදාවේ විශේෂ බලකාය සමත් වී තිබෙනවා.

අල් මස්රි මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර සාම සාකච්ඡා ක්‍රියාත්මක වෙද්දීයි.

මේ අතර, ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයකට ඊයේ එල්ල වූ අයි.එස්. සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 57 දෙනෙකු තුවාල ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories