කොලොම්බියාවේ කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවයි

Sunday, 25 October 2020 - 10:11

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලතින් ඇමරිකානු කොලොම්බියා රාජ්‍යයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබෙනවා.

ඒ ඊයේ(24) දිනය තුළ නව ආසාදිතයන් 8769 ක් වාර්තා වීමත් සමඟයි.

කොලොම්බියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවූයේ පසුගිය මාර්තු 6 වනදායි. මේ වනවිට එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 30,000 ඉක්මවා ඇති අතර, පසුගිය දින 10 තුළ මරණ 198 ක් වාර්තා වුණා.

මිලියන 50 ඉක්මවූ ජනගහනයක් සහිත කොලොම්බියාව කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවූ 8 වන රටයි.

ඊට පෙර ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව, ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤය සහ ප්‍රංශයෙන් මිලියනය ඉක්මවූ කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා.