හැටන් මහජන වෙළෙඳපොළ තාවකාලික වසයි (වීඩියෝ)

Sunday, 25 October 2020 - 10:41

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හැටන් මහජන වෙළෙඳපොළ තාවකාලිකව අද (25) සිට හුදකලා කිරීමට හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලීසියේ නිලධාරින් කටයුතු කර තිබෙනවා.

ඒ පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් හැටන් නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කළ මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු විමත් සමඟයි.

කොරෝනා අසාධනය වූ පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යාමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගත් බව සඳහන්.

මේ අතර එම කොරෝනා ආසාදිත මත්ස්‍ය ව්‍යාපාරිකයා හැටන් නගරයේ ආපන ශාලා ඇතුළු වෙළෙඳසැල් කිහිපයකට ගොස් ඇති බවට ලැබුණු තොරතුරු මත එම වෙළෙඳසැල්ද තාවකාලිව වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගත් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories