ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 50,000 ක්

Sunday, 25 October 2020 - 10:48

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+50%2C000+%E0%B6%9A%E0%B7%8A
අද(25) උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 50,129 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව, එරට මුළු ආසාදිත සංඛ්‍යාව හැත්තෑඅට ලක්ෂ 64,811 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, ගත වූ පැය 24 තුළ මරණ 578 ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ 18,534 දක්වා ඉහළ ගියා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට හැත්තෑ ලක්ෂ 78,000 කට අධික පිරිසක් සුවය ලබා ඇති අතර, සුවය ලැබීමේ සමස්ත ප්‍රතිඵලය සියයට 90 කට ආසන්න බවයි.

ඇමරිකා එක්සත් ජනපදය හැරුණු කොට කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් වැඩිම පීඩාවට පත්වූ රටවන ඉන්දියාවෙන් පළමු ආසාදිතයා වාර්තා වූයේ පසුගිය ජනවාරි 30 වනදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories