මෙල්බර්න් නුවර යළි විවෘත කිරීම පමා වෙයි

Sunday, 25 October 2020 - 13:05

%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් 19 කේන්ද්‍රය වූ මෙල්බර්න් නුවර ඇතුළත් වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීම පමා වන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් ප්‍රකාශ කළා.

අගෝස්තු මාසය ආරම්භයේ සිට මෙල්බර්න් නුවර මිලියන 5 ඉක්මවූ ජනතාව සඳහා දැඩි නිරෝධායන සීමාවන් ක්‍රියාත්මක වන අතර, ව්‍යාපාරික කටයුතු අන්තර්ජාල ඇණවුම් වලට සීමා වී තිබෙනවා.

එම සීමාවන් ලිහිල් කිරීමේ නිවේදනයක් අද නිකුත් කිරීමට නියමිතව තිබූ නමුත් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙල්බර්න් නුවර උතුරු දිග තදාසන්න ප්‍රදේශවල නව ආසාදිතයින් වාර්තා වීම නිසා එය නොවැම්බර් පළවනදා දක්වා කල් යා හැකි බවයි.

එහෙත්, අද(25) සහ හෙට(26) ලැබෙන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලින් සියලුම ආසාදිතයන් එක පොකුරකට අයත් ද යන්න තහවුරු වුවහොත් ලබන සතිය මැද දී සීමාවන් ලිහිල් කිරීම පිළිබඳ ප්‍රකාශයක් සිදුකළ හැකි බව ඔහු කියා සිටියා.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories