කොවිඩ් 19 පැතිර යාම, සමාජ සම්ප්‍රේෂණ මට්ටම අබියසට - මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය (වීඩියෝ)

Sunday, 25 October 2020 - 13:41

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%2C+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%85%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B6%A7+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

මෙරට කොවිඩ් 19 පැතිර යාම, සමාජ සම්ප්‍රේෂණ මට්ටම අබියස පවතින බැවින් ආරක්ෂිත ක්‍රමවේද අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.  

ඊයේ දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 368 දෙනෙකු වාර්තා වීමත් සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මාළු වෙළඳපොළ ආශ්‍රිත  ආසාදිතයින් ගණන 4000 සීමාව පසු කර ගියා.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 අසාදිතයින් සංඛ්‍යාව 7521ක් .

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 7,521 ක් ලෙස සටහන් වනවා.

කොවිඩ් 19 ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිත කොවිඩ් 19 පොකුර 4,050 දක්වා ඉහළ ගියා.

ඉන් අනූ දෙදෙනෙකු පෑලියගොඩ මාළු වෙළෙදපොළ ආශ්‍රිතවද, 215 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙසද,  37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද, 24 දෙනෙකු ධීවර වරාය වලින් ද, වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 3,714 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ  3,792 ක් පමණයි.

මේ අතර පෑලියගොඩ මාළු වෙළදපොළේ සේවය කරමින් සිට කොවිඩ් 19 ආසාදිත වූ පිරිසක් ප්‍රතිකාර ලබන රෝහලේ සිට සමාජ මාධ්‍ය වෙත මෙලෙස වීඩියෝවක් පළ කර තිබුණා.

මේ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ කොරෝනා පොකුරට සම්බන්ධ හඳුනා නොගත් ආසාදිතයින් ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව තවදුරටත් සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories